රටේ ආර්ථිකයෙන් සියයට 52 ක් උසුළන කර්මාන්තවලින් ලක්ෂ දෙකහමාරක් වැසී යයි

 

ඇගලුම් කර්මාන්තය

පසුගිය වසර හතරක කාලය තුළ මෙරට ක්ෂුද්‍ර, කුඩා හ මධ්‍යම ප්‍රමාණයේ කර්මාන්ත  263,200 ක් වැසී ගොස් ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

එම අධ්‍යයනය සිදුකර ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්.

එම වාර්තාව පදනම් කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ 2022 වසර අවසන් වන විට මෙරට කර්මාන්ත ප්‍රමාණය  237,100 දක්වා අඩුවී ඇති බවයි.

එලෙස කර්මාන්ත වැසී යාමෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලකරන බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා ඉන්ධන මිල වැඩිවීම කර්මාන්ත ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

Post a Comment

0 Comments