යුක්තිය මෙහෙයුමට 877ක් කොටුවෙති

 

යුක්තිය මෙහෙයුමට 877ක්  කොටුවෙති

අද (16) අලුයම අවසන් වූ යුක්තිය පැය 24ක මෙහෙයුම තුළදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 877 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. 

එහිදී හෙරොයින් ග්‍රෑම්  475යි, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 501යි, ගංජා කිලෝ 7යි ග්‍රෑම් 900ක ප්‍රමාණයක් , ගංජා පැළ 3,605 ක්, මාවා ග්‍රෑම් 305ක්, මත්පෙති 126ක් සහ මදන මෝදක ග්‍රෑම් 137 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 877 දෙනා අතරින් සැකකරුවන් 04 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

මේ අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 14 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවද පොලීසිය පවසයි.

Post a Comment

0 Comments