පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු විසින් කොල්ලූපිටිය ප්‍රදේශයේදී තරුණියක් තරුණයකු හිරිහැරකාරී ලෙස සෝදිසි කිරීමක් සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව විමර්ශනයක් සිදු කරනු ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා දැනුම් දී තිබේ.
මෙම සිදුවීම මාධ්‍ය වාර්තා කල පසු ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා තමන් පොලිසියට උපදෙස් දුන් බව අමාත්‍යවරයා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා සිටියි.
කුලී රථයකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ඔවුන්ගේ වාහනය නවතා ගමන් මළු පරීක්ෂා කර තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා කුටියක් වෙත තරුණයා රැගෙන ගොස් ඔහුගේ ඇඳුම් උණා දැමීමට බලකර ශරීර පරීක්ෂාවක් සිදු කර ඇති බවද වාර්තාවන්හි සඳහන්ය.
0 Comments