මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්.!

 

මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්.!

එකතු කළ අගය මත බදු පැනවීම සහ අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි මාසයේ උද්ධමනය සියයට 7%ක පමණ අගයක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

ඒ නිසා වෙළෙඳ පොළ පොලිය අනුපාතවලට යම්කිසි ආකාරයකට හැඩ ගැසෙන්න අවස්ථාව දීලා තියෙන බවද අද (23) දින මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සදහන් කරයි.

මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සදහන් කළේ,

“ඉදිරියේ දී අපේ උද්ධමන ඉලක්කය 5%ක්. එය 4% – 6%ක් වගේ සාමාන්‍ය අගයක් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ වෙලාවේ වෙළෙඳ පොළ පොලිය අනුපාතවලට යම්කිසි ආකාරයකට හැඩ ගැසෙන්න අවස්ථාව දීලා තියෙනවා.

අපේ පොලිය අනුපාතය ස්ථාවරව පවත්වා ගත්තේ. ඉදිරියේදී අපි නැවත සලකා බලනවා. එතෙක් අපි ප්‍රතිපත්ති පොලී අනුපාතය නොවෙනස්ව පවත්වා ගන්නවා.”

තවත් පුවත් : 

Post a Comment

0 Comments