‘අපිට ජාතික ආර්ථිකයක් තියෙන්න ඕනේග ඒ වගේම ජාත්‍යන්තර ආර්ථිකයකුත් තියෙන්න ඕනේග දෙකම මැදිකරගත් අලුත් ආර්ථික රටාවක් වෙනුවෙන් අපි කල්පනා කරනවා’ යයි නව සන්ධාන මෙහෙයුම් නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ ඊයේ දිනයේ රාජගිරියේදී නව සන්ධාන මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
ඔහු එහිදී මෙසේද පැවසීය.
“දේශපාලනය අද ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි වමේ කඳවුරක් හැටියට 1994 ඉදලා ගිය අවුරුද්දේ මැයි 9 වෙනකන් ආණ්ඩු කළා. අපි විශාල බලවේගයක් මේ රටේ නිර්මාණය කළා. විශාල වැඩ කොටසක් මේ රටේ ඇති කෙරුවා. විශාල පරම්පරාවක් අලුතින් දේශපාලනයට ගේනාවා. ඒ අයට යම් යම් තනතුරු ලැබුනා. අපේම ජනාධිපතිවරු හතර පස් සැරයක් පත් කරන්න පුලුවන් වුනා. නමුත් අවසානයේදී අද්දැකීම් අඩු, නොතේරෙන, දේශපාලනය කියන්නේ මොකක්ද ? කියලා වැඩිය අදුරන්නේ නැති එක්කෙනෙක් නිසා අපේ මුළු දේශපාලනයම විනාශ වුනා.
අපේ දිස්ත්‍රික්ක වල ජනතාව අවුරුදු හතලිහක් උදව් කරලා තියෙනවා මගේ දේශපාලනයට. දේශපාලන පෙළේ ඉන්න මේ පිරිස මට හත් වතාවක් පාර්ලිමේන්තුවට එන්න උදව් කරලා තියෙනවා. ඒ අය දාලා, වාසි තකා හෝ වෙනයම් කාරණයකට මට යන්න අමාරුයි. මට අමාත්‍යධූරයක් ඇති කරනකොටත් කිව්වා ඒක අපි භාර ගන්නේ නැහැ කියලා. අපි එහෙම කිව්වේ අපේ ජනතාවට අව්‍යාජව පෙනී සිටින්න ඕනේ කියලා කල්පනා කරපු නිසා. අපිට නායකත්වය දුන්න, අපිට උදව් කරපු අයට අවංක වෙන්න ඕන නිසා. තනතුරු විතරක් හොබවලා ජනතාවගෙන් ඈත් වෙන්න අපට ඕන කමක් තිබනේ නැහැ.
අපි ඉන්නේ සන්දිස්ථානයක. සන්දිස්ථානය දිහා හැරිලා බලන්න ඕනේ මේච්චර කාලයක් අපි ගේනාපු දේශපාලන අදහස පෙර දැරි කරගන්නේ කොහොමද කියන එක. එදා තිබුන දේ එහෙම්ම කරන්න බැරිවෙයි. නමුත් කොහොමද අපි වර්තමානය සහ අනාගතය එකතු කරළා අපේ රටේ ජනතාවට අලුත් දෙයක් කරන්නේ කියන එක තමා අපි කල්පනා කරන්න ඕනේ. අද ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විශාල අනතුරක තියෙනවා. අපේ රටේ පවුල් දේශපාලනය නිසා, ඒ සැකසුම නිසා අන්ත අසරණ වුනා. දෙවැනි පෙළ කිසි කෙනෙකුට මේ දේශපාලනයේ ඉහළට එන්න අවස්ථාව ලැබුනේ නැහැ. ඒ අය කපා විනාශ කළා. එක පක්ෂයක නෙමේ හැම පක්ෂයකම. අපි දේශපාලන යථාර්ථය තේරුම් ගන්න ජනතාවක් නිර්මාණය කරන, අලුත් අදහසක් වෙනුවෙන් මන්ත්‍රීවරුන් ගණනාවක් එක්ක කතාකරගෙන යනවා.
අපිත් එක්ක විශ්වාසයෙන් හිටපු අය දාලා කොහෙවත් යන්න බැහැ කියලා විශ්වාස කළා. ඒක තමා අපේ පදනම. ආර්ථිකය හදන්නේ නැතිව රටක් සන්සුන් කරන්න බැහැ. මේ තර්කය මම හැමදාම ගේනාවා. හැමදාම කිව්වා මේ යන ගමන් මාර්ගය භයානකයි කියලා. අන්තිමට අපි භයානක තැනකට වැටුනා. ජනතාවගේ විශාල උද්ඝෝෂණ මැද්දේ, ගැටුම්කාරී තත්ත්වයන් මැද්දේ තමයි හිටපු ජනාධිපතිතුමාට පස්ස දොරෙන් යන්න වුනේ. ලංකාවේ කවදාවත් නොවුනු දෙයක්. ලංකාවේ දුර්වල ආණ්ඩු තිබිලා තියෙනවා.1954 හර්තාලයක් එනකොටත් කැබිනට් මණ්ඩලය නැවත රැස්වෙලා ආණ්ඩුව බේරගත්තා. අගමැති මාරුවුනා ඒක වෙනම දෙයක්. පස්ස දොරෙන් යන්න සිදුවුනේ නැහැ. අපේ මිනිස්සු අසරණ වුනා. අපේ ගම්වල මිනිස්සුන්ට නායකත්වයක් නැතිවුනා. මේ නිසා තමා අපි විශ්වාස කළේ අපේ පක්ෂයේ ඉන්න, ආණ්ඩු පක්ෂයේ ඉන්න, විපක්ෂයේ ඉන්න, ස්වාධීන වෙලා ඉන්න කණ්ඩායම් එක්ක කතා කරලා අලුත් දේශපාලන මාවතක් විවර කරගමු කියලා. අපේ උදවියට නායකත්වයක් දෙන්න ඒ කාරණය පමණයි අපි කරන්නේ. එහෙම නැතිව සුපුරුදු පරිදි නායකත්ව වනදනාවේ කවුරුත් යන්න ඕනේ නැහැ. නායකයෝ නිර්මාණය කරන්න ඕනෙත් නැහැ. ඒක අපි නොකල යුතුයි. අපි විශ්වාස කරනවා මේ ටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනතාව සමග ගැවසෙන පුද්ගලයින් බවට පත් කරන්න ඕනේ කියලා. වෘත්තීය සමිති වලට නායකත්වය දෙන්න ඕනේ, ආයතනත් ආරක්ෂා කරන වෘත්තීය සමිති ව්‍යාපාරයක් නැවත බිහි කරන්න.
අපිට ජාතික ආර්ථිකයක් තියෙන්න ඕනේ. ඒ වගේම ජාත්‍යන්තර ආර්ථිකයකුත් තියෙන්න ඕනේ. දෙකම මැදිකරගත් අලුත් ආර්ථික රටාවක් වෙනුවෙන් අපි කල්පනා කරනවා. එහෙම නැතිවුනොත් අපිට අනාගතයක් නැහැ. කතා කර ඉන්නවට වඩා අලුත් ආර්ථික වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යන්න කල්පනා කරන්න ඕනේ. රට කඩාගෙන වැටුන නිසා අපි හැමෝටම විශාල බරක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. බදු වශයෙන් බර දරන්න වෙලා. අපිට ජීවත් වෙන්න ලොකු බරක් දරන්න වෙලා. ඒක වෙනස් කරන්න පුලුවන් ජාතික ආදායම වර්ධනය කිරීමෙන් විතරයි. අපේ වෙළෙදපොළ වැඩි කිරීමෙන් විතරයි. අපනයනය වැඩි කිරීමෙන් විතරයි. එහෙම කළොත් විතරයි ආර්ථිකයේ අනෙකුත් අංශ දියුණු කරන්න පුලුවන් වෙන්නේ. ලෝකයේ මේ වගේ රටවල් කඩාගෙන වැටනා. 1982 වෙනකොට ඉන්දියාව මේ වගේ කඩාගෙන වැටුනා. නමුත් ඉන්දියාවට ආවා අලුත් ආර්ථික උපදේශකයකු විදියට මුදල් අමාත්‍ය මනමෝහන් සිං මහතා. ඉන්දියාවේ ආර්ථිකය අනිත් පැත්ත හැරෙව්වා. අද ඉන්දියාවේ ආර්ථිකය ලෝකයේ පස්වෙනි තැන. තව වසර පහකින් ලෝකයේ තුන්වෙනි ආර්ථිකය බවට පත් වෙනවා. අපිත් ඒ හා සමානව මානව සම්පතක් තියෙන රටක්. කොහොමද දියුණු කරන්න ඕනේ කියලා මතයක් තියෙන්න ඕනේ. ඒ නිසා මුලු රටම අපි එකතු කරන්න ඕනේ. අපේ රටේ තිබුනා වැඩ කිරීම පාපයක් කියලා. නිකන් ඉදීම යහපත් කියලා කල්පනා කළා. වැඩ කිරීම පාපයක් නෙමේ අවශ්‍ය දෙයක්. ඒ වෙනුවට වෙනස් දේශපාලන චින්තනයක් ගේන්නනම් අලුත් අදහසක් මෙතන්ට ගේන්න ඕනේ. කවුරු ජනාධිපති අපේක්ෂකයා වුනත් ඒ හැම කෙනාම අපේ ආර්ථික ප්‍රතිපත්තිය නව වැඩපිළිවෙලක් සහිතව ඉදිරිපත් කරන්න ඕනේ. වගකීමක් අපි භාර ගන්නේ වගකීම ඉටු කරන්න විතරයි. අපි අද මේ කරන්නේ අපේ දේශපාලන මතය ඉදිරියට ගෙනියන වැඩපිළිවෙලක්. අපේ අදහස කියන එක. මම හිත්නනේ නැහැ අපි කාටවත් යටත් විය යුතුයි කියලා. අපි ස්වාධීන ලෙස අපේ අදහස ඉදිරිපත් කරලා, ඒ අදහසත් එක්ක ගොනුවෙන අය සමග එකඟතාවක් නිර්මාණය කරමින් ඉන්නේ කියලා විශ්වාස කරනවා. මෙන්න මේ නිසා අපි එකතු වෙනවා.”
0 Comments