ආහාර මිල ඉස්සීම වැළැක්වීමට වැටක්...

 

ආහාර ද්‍රව්‍ය ඇතුළු නිෂ්පාදන මිල කෘත්‍රිම ලෙස ඉහළ යෑමට වැට බැඳීම සඳහා කෘෂිකර්ම, ධීවර ඇතුළු රටේ විවිධ අංශවල නිෂ්පාදන සම්බන්ධව සියලු අමාත්‍යාංශවලින් වාර්තාවක් කැඳවීමට වෙළෙඳ අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.


මේ අනුව කෘෂිකර්ම, ධීවර, පශු සම්පත් ඇතුළු රටේ විවිධ අංශවලින් මේ වසරේ නිෂ්පාදන ධාරිතාවය සහ ඒවායෙහි මිල ගණන් සම්බන්ධව වාර්තාවක් ලබාගෙන ඒ සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාව දැනුවත් කිරීමට එම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.


මේ අනුව එක් එක් අමාත්‍යාංශයේ ආයතනවලින් නිෂ්පාදන කොපමණ ප්‍රමාණයක් රටට දෙන්න බලාපොරොත්තු වෙනවාද ඒවායෙහි මිල කොපමණද පාරිභෝගිකයාට එම භාණ්ඩ ලබා ගැනීමට අවස්ථාව කොපමණ තිබෙනවාද යන්න පිළිබඳව අදාළ වාර්තාවට ඇතුළත් කෙරෙන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පැවැසීය. 


මේ අනුව රටේ නිෂ්පාදනවල අතිරික්තයක් පවතී නම් එම තොරතුරුද අනාවරණය වන බවත්, නිෂ්පාදනය අඩු ආහාර ද්‍රව්‍ය හෝ භාණ්ඩවල හිඟය පියවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අවස්ථාව ලැබෙන බවද ඇමැතිවරයා කීවේය.

Post a Comment

0 Comments