දේශපාලන බිමේ දරුණු බෙදීම් හා එකතුවීම්!

දේශපාලන බිමේ දරුණු බෙදීම් හා එකතුවීම්!

නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මේ වනවිට දේශපාලන ලෝකය ඉතා උණුසුම් තත්ත්වයක් ගෙන ඇති අතර ජනාධිපති අපේක්ෂකයෝ දුසිම් ගණනක් කරළියට එමින් සිටී.

එළඹෙන මැතිවරණයේදී බරපතලම ගැටලුවට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බව සඳහන් වේ.පොහොට්ටුවට තිබූ ජනතා ආකර්ෂණය මේ වන විට සම්පූර්ණයෙන් නැතිවී ගොස් පොහොට්ටුව තවදුරටත් පිපිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .මෙහි උච්චතම අවස්ථාව බවට පත්වී ඇත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්  පොහොට්ටුව තුල ඇතිවී තිබෙන බෙදීමයි.දේශපාලන ආරංචි මාර්ග දක්වන්නේ රනිල්ට සහය දැක්විය යුතු බවට යෝජනාවක් ප්‍රසන්න ,කාංචන,සේමසිංහ,දිලුම් අමුණුගම ඇතුළු පිරිසක් පොහොට්ටුව තුල සම්මත කර ගැනීමට යන බවයි.මේ අනුව රාජපක්ෂ පවුල දේශපාලන අනාතයන් පිරිසක් බවට ඉදිරියේදී පත් වීමට නියමිත බව දේශපාලන නිරීක්ෂකයන්ගේ මතයයි .රනිල්ට හිතවත් පාර්ශවය පවසන්නේ මීළඟ ජනාධිපතිතිවරණයේදී  රනිල් ජාතික අපේක්ෂකයා කර පසුව තබන මහා මැතිවරණයෙන්  සජබ ,පොහොට්ටු ,දෙමළ ,මුස්ලිම් පක්ෂ එකතුකර ජාතික ආණ්ඩුවක් පිහිටවිය යුතු බවයි.

මෙම යෝජනාවට සජබ පාර්ෂවයේ රාජිත ,හර්ෂ ,කබීර්,එරාන් ඇතුළු කංඩායම ද ඒ සඳහා සහාය දක්වන බව පැවසේ.එසේ නොවුන හොත් සජබ තුල ද විශාල පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බව පැවසේ.

  දක්ෂිණාංශික කඳවුර තුල එසේ බෙදීම් ඇතිවෙද්දී වාමාංශික, ජාතිකවාදී හා ප්‍රගතිශීලී පක්ෂ  තුල IMF විරෝධී දේශපාලන කඳවුරක් නිර්මාණය කළ යුතු බවට ඒවායේ නායකත්වයන්ට පාක්ෂිකයන්ගෙන් දැඩි බලපෑම් එල්ල වන බව වාර්ථාවේ .එසේ නොවුන හොත් දක්ෂිණාංශික කඳවුර එකතුවී නැවත වටයකින් ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය පරාජයට පත්කරනු ඇතැයි ඔවුන්ගේ අදහසයි.

මේ පිළිබඳව YouTube  නාලිකා  ගණනාවක විචාරකයන් පවසන්නේ ලාංකීය දේශපාලන ඉතිහාසයේ ආන්දෝලාත්මක නිවැරදි තීන්දු තීරණ රැසක් ගනු ලැබූ වාසුදේව නානායක්කාර මහතා ඉදිරිපත් කරන මතය නිවැරදි බවයි.ඔහු පවසා තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික වැඩ පිළිවෙලට එරෙහිව ජාතික ජන බලවේගය හා ජ.වි.පෙ නව දේශපාලන සංධානයක් හදනවානම් එයට සහය දීමට තම පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක්  සූදානමින් සිටින  බවයි.එසේම මෙම ද්‍රෝහි ආණ්ඩුව පලවා හැරීමට නම් එවැනි දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය බවයි ඔහු සඳහන් කරන්නේ .

එසේම මේ වන විටත් ඩලස් මහතා නායකත්වය දුන් නිදහස ජනතා සභාව ද දෙදරා ගොස් කොටසක් සජබට හේත්තු වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කොටසක් ආණ්ඩුව ට හේත්තු වී ඇති අතර එයද කෑලි කීපයකට බෙදී ඇත  .

විමර්ශන .....

තවත් පුවත්: 

Post a Comment

0 Comments