තරග බලන්න පිරිස නෑ.. ක‍්‍රීඩාගාර හිස්.. හෙට තරගය නොමිලේ… ක‍්‍රිකට් සමාගම දන්වයි..

 

සංචාරක සිම්බාබ්බේ කණ්ඩායම සමග පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරඟය නොමිලේ නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයන්ට ලබා දී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දිනයේ මේ බව දැනුම් දී ඇත.

තරගාවලියේ පළමු හා දෙවෙනි තරඟ නැරඹීමට පේ‍්‍රක්‍ෂක සහභාගියත්වය ඉතා අවම මට්ටමක පැවතීම මීට හේතු වී ඇතැයි වාර්තා වෙයි.

කොළඹ කෙත්තාරාම පිටියේ පැවති මුල් තරග දෙක තරග සඳහා පන්දහසකවත් පිරිසක් පැමිණ සිටියේ නැත.

කෙත්තාරම පේක්‍ෂකාගාරවල තිස්පන්දහසකට අධික පිරිසක් කට අසුන්ගත හැකිය.

ඉතිහාසයේ පළමු අවස්ථාවට ක‍්‍රිකට් තරග සදහා මෙතරම් අඩු පිරිසක් සහභාගී වීම කැපී පෙනේ.

Post a Comment

0 Comments