ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සන්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් මෙතෙක් පවත්වා නොමැති බව ගම්පහ දිස්ත්‍රික් නායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ඔහු පවසන්නේ තමන් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් බවත් තමන් දන්නා ආකාරයට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කිසිම එකඟතාවයකට මේ වනතෙක් පැමිණ නොමැති බවය.
මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටුවට රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියාසිටියේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධව සාකච්ඡාවක් සිදු වූ බවක් හෝ තමන් නොදන්නා බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ තම පෞද්ගලික අදහස නම් ආර්ථික අර්බුදය විසඳමින් රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් අවස්ථාව ලබා දියයුතු බවයි.
වෙනත් පුවත් :
0 Comments