ඉරාන මහා මිනිස් ඝාතනයට ශෝකය…

 

ඉරානයේ කෙර්මන් නගරයේ පසුගිය ජනවාරි 03 වැනිදා සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකකින් අහිංසක සිවිල් පුරවැසියන් සියයකට අධික පිරිසක් මිය යෑම පිළිබඳව ඉරාන රජයට සොව පළ කිරීමට ජාතික නිදහස් පෙරමුණේ නායකත්වය කටයුතු කළහ.

ඒ අනුව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම් නිමල් පියතිස්ස හා දේශපාලන මණ්ඩල සභික ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති නිල නිවස වෙත ගොස් එහි ඉහත සිදුවීම පිළිබඳ සොව පළ කිරීම පිණිස විවෘතව ඇති සොව පළ කිරීමේ පොතෙහි සටහන් යෙදුහ.

මෙසේ සොව පළ කිරීමෙන් අනතුරුව ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා සමග සුහද පිළිසඳරක ද නිරත වූහ.

Post a Comment

0 Comments