උදෑසන සිදුවූ හදිසි රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන්, හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා තේරී පත්වෙන්නේ කවුද යන්න දැන් බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී ඇත.
2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන 5ක් හිමි වන අතර එහිදී මනාප 80082 ලබා ගනිමින් සනත් නිශාන්ත එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා වූ අතර ප්‍රියන්කර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත අනෙක් ආසන හතර හිමි කර ගත්තේය.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ හිස් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර පත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා...
මනාප 40527ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකරට හිමි වුණා..
තවවත් පුවත් :
- බෙලිඅත්ත සියළු ඝාතකයන් හෙලිවේ.. මෙහෙයුම බූස්සේ හර්ෂගේ..
- රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඇතුළු දෙදෙනෙක් මරුට.
0 Comments