මත්ද්‍රව්‍ය ගේන ශ්‍රී පාද වන්දනාකරුවන් අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක්…

 



මත්ද්‍රව්‍ය රැගෙන දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිසියේ නිලධාරින් සහ යුධ හමුදාවේ නිලධාරින් එක්ව (12) දින සිට සති අන්ත දිර්ඝ නිවාඩුව අවසන් වන තෙක් හැටන් දුම්රිය ස්ථානයේ විශේෂ සොදිසි මෙහෙයුමක් දියත් කර ඇත.

යුක්තියේ මෙහෙයුමට සමගාමිව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා සහ කොට්ඨාශ භාර පොලිස් අධිකාරි 01 එම්.ෆාරුක් යන මහතුන්ගේ අධික්ෂණය යටතේ හැටන් දුම්රිය ස්ථානයේදි මෙම හදිසි පරික්ෂාව සිදු කරනු ලැබුහ.

හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ සහය ඇතිව මෙම මෙහෙයුම දියත් කල අතර , එහිදි හැටන් මාර්ගය ඔස්සේ දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණ පිරිස් පරික්ෂාවට ලක් කරනු ලැබුහ.

සති අන්ත දිර්ඝ නිවාඩුව අවසන් වන තෙක් දිවා රාත්‍රි දෙකේම හැටන් දුම්රිය ස්ථානයට දුම්රියන් පැමිණෙන සෑම අවස්තාවකම මෙම පරික්ෂාව සිදු කරන බවයි හැටන් පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

දුම්රියෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් විශේෂ බස් රථ සේවාවක්ද ධාවනයට එක් කර ඇත.

Post a Comment

0 Comments