කට වහන,මහජනයා තළණ,පෙළන නීති වලට විරුද්ධ වෙමු ! වෘ.සමිති ,බහුජන හා මාධ්‍ය සංවිධාන ඉල්ලයි ...



ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු රජය හදිසියේ ගෙන ඒමට නියමිත ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් ගණනාවක් මගින් සිදු කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලින් ජනතාවට ලබාදී ඇති ,ආණ්ඩුවට එරෙහිව විරෝධය දැක්වීමේ අයිතිය අහිමි කිරීම මෙන්ම  ශිෂ්‍ය ,ධීවර ,ගොවි ,වෘත්තීය සටන් මෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ,මුස්ලිම් ජනතාවගේ ඕනෑම විරෝධතාවක්,අරගලයක් ප්‍රතිත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සලකා මර්ධනය කිරීම යයි නීතිඥ සාමුහිකයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා සඳහන් කළේය.ඔහු මේ බව සඳහන් කළේ" කට වහන මෙන්ම මහජනයා තළා පෙළණ නීති වලට විරුද්ධව" වෘත්තීය සමිති ,බහුජන හා මාධ්‍ය සංවිධාන එක්ව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ  පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ විකාශන අධිකාරි පනත ඇතුළු පනත් කිහිපයක් රජය මගින් ගෙන එන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ එයට විරුද්ධව ඡන්දය පුකාශ කරන ලෙසයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් පැවසුවේ ජනතාවට ඇත්ත කියන මාධ්‍ය වේදීන් මර්ධනය කිරීමට ජනතාව මේ ආණ්ඩුවට වරමක් ලබා දී නොමැති බවත් ,මාර්ගගත (ඔන්ලයින්) පනත හරහා සමස්ථ මාධ්‍යයම මර්ධනය කිරීමට හා පාලනය කිරීමට රනිල් රජය සූදානම් වන බවත් සඳහන් කළේය .

ජනවාරි 23 වෙනිදා ඔන්ලයින් පනත පාර්ලිමේන්තුව⁣ට ගෙන එන බවට ආරංචි තිබෙන බවත් මෙමගින් භාෂණයේ හා ප්‍රකාශන අයිතිය ජනතාවට අහිමි කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය .

Post a Comment

0 Comments