නව ග්‍රාමීත්වය යනු පැරණි තිබුණු ග්‍රාමීත්වය නොවේ. අරගලයෙන් පසුව පැරණි ග්‍රාමීත්වය බිඳ වැටුනා. එය හොඳට නිරූපනය වෙන්නෙ මාතර, ගාල්ල , හම්බන්තොට පැවති NPP කාන්තා සමුළු වලින්. නව ග්‍රාමිත්වයේ ප්‍රධානම බලවේගය ස්ත්‍රීන් .අද ග්‍රාමීත්වයේ සම්පූර්ණ බර දරන්නේ ස්ත්‍රීන් ජීවන බර, ක්ෂද්‍ර මූල්‍ය බර, දරමින් ගම ආර්ථික වශයෙන් Control කරන්නෙ ස්ත්‍රීන්. ඒ නිසාම වෙන කවරදාකටවත් වඩා ස්ත්‍රියගෙ දේශපාලන සවිඟ්‍රනිකත්වය අද වර්ධනය වෙලා.
මහින්ද කළේ මේ ග්‍රාමීය ස්ත්‍රීන්ගේ ආකර්ශනයෙන් බලයට ඇවිල්ල ගමේ ආධිපත්‍යය දරාගෙන සිටින දූෂිත ගල්,වැලි,පස් කට්ටියට බලය දෙන එක.
එයට ප්‍රතිවිරුද්ධව එන්න පුළුවන් පිරිස තමයි ජවිපෙ කාඩර් එක.මේ ග්‍රාමීය පරිවර්තනය අවශ්‍යයි. ගමට තිස්සමහාරාමයෙ ආදර්ශය අවශ්‍යයි .
ලංකාවෙ දැන් තිබෙන දේශපාලනය තමයි මේ නව ග්‍රාමීත්වය හා නව නාගරිකත්වය අතර ගැටුම. එම නව ග්‍රාමීත්වයේ නායකත්වය හොරොව්පතාන (අනුර )දරන අතර නව නාගරිකත්වයේ නායකත්වය හොරණ(චම්පික) දරනවා . දැනට හොරොව්පතාන දිනල ඉන්නෙ.නගරය තවම චම්පිකට ආකර්ෂණය වෙලා නෑ. එය සිදුවන්නේ NPP බලයට ඇවිල්ල අවුරුදු පහකින් පසුව පරීක්ෂාවට භාජනය වුනාට පසුවයි.
සජබ, නාමල් රඳාපවතින්නෙ අර පරණ ගල්, වැලි, පස් කට්ටිය මත. ඒ පරණ ක්‍රමය අරගලයෙන් පසුව බිඳවැටුන.
දැන් තිබෙන්නේ අලුත් ක්‍රමය. අලුත් ක්‍රමය ඇතුළෙ ඉන්නෙ NPP සහ චම්පිකයි. මහාචාර්ය නිර්මාල් මේ අදහස් පළකළේ Youtube නාලිකාවක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ NPP බලයට ආවත් ලොකු පෙරළි කරන්න බෑ.පවතින ජාත්‍යන්තර හා දේශීය සාධක ඇතුළේ.ආර්ථික වශයෙන් ලොකු විප්ලවීය දේවල් කරන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ .ඔවුන් එය දැන් කියන්නේ නෑ .පෙරටුගාමීන් තරඟකාරීව සිටින නිසා.
තවත් පුවත් :
අධිවේගයේ අනතුරින් මිය ගිය කොස්තාපල්ගේ පවුලට ලක්ෂ 15ක්.
සනත් නිශාන්තගේ දේහය ආරච්චිකට්ටුවේ කූඩාරමක.. අරගලකරුවන් ගිනි තැබූ නිසා ගෙයක් නෑ..
0 Comments