අමුතු විදිහකට පෙම් කළ දෙදෙනෙක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා අවදානය දිනාගෙන තියනවා.
මොවුන් දෙදෙනා මේ ගමන ගිහින් තිබුණේ ආරක්ෂිත හිස් ආවරණ ද නොමැතිවයි.
ඒ වගේම අනාරක්ෂිත ලෙස යතුරු පැදියක ගමන් කළ මෙම තරුණ යුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර
මෙම යුවල සාලුවක් පැළඳ යතුරු පැදියක ගමන් කරමින් සිටින වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ අදාළ යුවළ එකිනෙකාට මුහුණලා වාඩි වී තදින් වැළඳගෙන යතුරු පැදියේ ගමන් කර ඇති බවයි.
මොවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉන්දීය ජනතාව මුම්බායි රථවාහන පොලිසියෙන් ඉල්ලා ඇති බව වැඩිදුරටත් සදහන් කරයි.
ඒ අනුව මෙම දෙපළ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ බව මුම්බායි රථවාහන පොලිසිය සඳහන් කරයි.


0 Comments