ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට දියාරු වෙලා.ඒකයි මන්ත්‍රීවරු පනින්නෙ.සිරිසේන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුකර ගන්නෙ නෑ කියල සජිතුත් කියනව.වමේ පක්ෂ ත් කියන්නෙ සිරිසේන විශ්වාස නෑ කියල.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයො ඉන්නෙ අද වික්ෂිප්ත වෙලා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නේ ආණ්ඩුවේ ද?විපක්ෂයෙද කියල තීරණය කරන්න ඕන.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාගෙවත් බූදලයක් නෙමේ.හරි නායකත්වයක් අවශ්‍යයි .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සිරිසේනගෙ නම යෝජනා කර ගනියි .හැබැයි දිනන්නත් බෑ.පරදින්න ඉල්ලන එකකුත් නෑ .දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ අදහස් පළකළේ අද හිරු රෑපවාහිනිය සමග කළ සාකච්ඡාවකදී ය.
ඔහු තවදුරටත් පැවසුවේ මිනිස්සුන්ට වෙනසක් අවශ්‍ය වෙලා තිබෙන බවත් ,ජා ජ.බලවේගය පසුපස ඉන්නෙ ජවිපෙ කාඩර්වරු බවත්,එය බෝල්ෂෙවික් පන්නයේ පක්ෂයක් බවත් ,ජා.ජ.බලවේගයේ ස්ටේජ් එක තුල කවුරු නැටුවත් ඔවුන්ව පාලනය කරන්නේ ජවිපෙ බවත්,ලාල්කාන්ත පසුගියදාක කළ ප්‍රකාශය අන්තවාදී ,ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් බවත් පැවසීය .
තමාට සජිත් ද ඔවුන් සමඟ එකතුවෙන ලෙස කථාකළ බවත්,තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදා හැර නොයන බවත්,රටේ මීළඟ නායකත්වය තීරණය කීරීමේදී,විස්සෝපයෙන්,
දුකෙන්,වෛරයෙන් තීන්දු තීරණ නොගන්නා ලෙස තමා සබුද්ධික ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්,රටේ මීළඟ නායකත්වයට පත් කිරීමේදී කරුණු හතරක් කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්
1.රටේ පාලනය ගෙන යා හැකි පරිණත,උගත් ,බුද්ධිමත් හා දූෂිත නොවන පිරිසක් පත්කර ගත යුතු බවත් ,
2.ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන පාලකයන් පිරිසක්
3.රටේ ධනය කොල්ල නොකාපු සහ කොල්ල නොකන පිරිසක්
4.ආදරයෙන් රට ගොඩගන්න මහන්සි වෙන වැඩ පිළිවෙළක් සහිත පිරිසක් දිහා බලා තීන්දු ගන්නා මෙන් ඉල්ලන බවත් පැවසීය .
0 Comments