මහත් කරුණා,දයාවෙන්
මා පිරික්සු රජයේ රෝහලේ
උගත් වෙදදුරාණනි
ඔබට වෙමි මම මහත් කෘතගුණ
එහෙත් අනේ මහතුනේ
ඔබ දුන් මේ අනඟි බෙහෙත් තුණ්ඩුවෙන්
මට ඇති ඵලය කිම
සාක්කු හිස් මට
එහි අකුරු බලනවා මිස
නේක වර්ණ ව්දිළි පහන්
මහ මඟ දෙපස දැවෙන
මහා මන්දිර රෑට දිසෙන
අලංකාර නගර කොණක
තෙල් පහනින් අඳුර මකන
වැස්ස තෙමන,හිරිකඩ කන
ලෑලි එල්ලා තැනූ මඩුවක
වේලක් කා දිවි ගෙවනා
කේඩෑරි මගෙ දූට ,පුතුට
යහමින් මුදල් වැය කොට
තැනූ ඇවිදින මං තීරුවලින්
කුමන අරුතක් ද?
පාන් ගෙඩියක්,සහල් සේරුවක්
පරිප්පු හුණ්ඩු කාලක්,පොල් බෑයක්
මිළට ගන්නට නො හැකි මට
දරු සාගින්න නිවන්නට
කඩවල බඩු පුරවාපු
රාක්ක තිබුණාට
කිමැයි මට .
අකුරු කරන්න
හොඳ මිනිසෙකු වන්න
පාසල් යන්න
පත,පොත ගන්න බැරි
අඩ සයින් පෙළෙන
මගේ දරුවන්ට
මේ පාසල් ගොඩනැඟිලි
ගෙනෙයි සුසුම් රැළි
වා තලයට විසිරෙන
වෙහෙරට යන්න
සුදු වතක් නැතැත්
හිතා මතා අන් අයට
අයහපතක්,පවක්
කිසිදා නො කළ මට
මගේ මරණින් පසු
මතක බණ,පාංශුකූල
දෙන්නට කෙනෙක් නැත
එහෙත්
මට කම්නැත.
0 Comments