ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුව පාර්ශවය නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා අඩුම ඡන්ද ප්‍රථිශතයක් ලභාගෙන ලෝක වාර්තාවක් තැබීමට ඉඩ ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
පිවිතුරු පෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
"පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයේදී එජාපය ගත්තේ ඡන්ද ලක්ෂ 3යි. ලක්ෂ 100න් ලක්ෂ 3 කියන්නේත් 3%ක්. එජාපයත් 3% මානසිකත්වයට ඇවිත් බවයි පේන්නේ. ඡන්ද ලක්ෂ 3ක් ගත්ත එජාපය ඊලග මැතිවරනයේදී ඡන්ද ලක්ෂ 100ක් ගන්න මෙරට ජනතාව එජාප ආණ්ඩුව ගැන ප්‍රසාදයෙන් ඉන්න ඕනෑ. මේ ආණ්ඩුවේ අදූරදර්ශී වැඩ පිලිවෙල නිසා ජනතාව ආණ්ඩුවට වෛර කරමින් ඉන්නේ. එලවන්න ලැබෙන්නේ කොයි මොහොතේදැයි බලාගෙන ඉන්නේ.
ඊලග ජනාධිපතිවරනයේදී ආණ්ඩුවේ අපේක්ෂකයා ලබාගන්නේ ජනාධිපතිවරණයකදී ආණ්ඩුවේ අපේක්ෂකයෙක් ලබාගන්නා ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රථිශතය. ඒක ලංකා වාර්ථාවක් විතරක් නෙවෙයි ඇතැම් විට ලෝක වාර්ථාවක් වෙනන් ඉඩ තිබෙනවා."


0 Comments