කළකිරුණු ජනතාවට ඇති එකම විකල්පය මව්බිම ජනතා පක්ෂයයි.! දිලිත් ජයවීර පවසයි ..



 අපේ පක්ෂය මූලික සංකල්ප හතරක් කථා කරනව.ඒව තමයි සභ්‍යත්වය,ව්‍යවසායකත්ව රාජ්‍යය,අභිප්‍රේරණය (Motivation )හා උපායමාර්ගික සැලැස්ම වශයෙන්.

අපිව මේ ආකෘතියෙන් එළියට දක්කාගෙන යන්න හදන සියලුම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට,බලවේග වලට කියනව අපිව මඩවලට ඇදගෙන යන්න හදන්න එපා.විශේෂයෙන් අනුර කුමාරට කියනව ඕනෑම සජීවී සාධනීය සංවාදයකට අපි ලෑස්ති බව.

ඔහු මේ අදහස් පළකලේ මව්බිම ජනතා පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අද අමතමිනි.වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ තුන්වන ලෝකයෙන් යමලෝකයට ⁣රට ගෙනියන රැඩිකල් පක්ෂ වලින් අහනව හොරු අල්ලල සල්ලි ගෙනල්ලා හෝ ස්වෛරී බැඳුම්කර ණය ලබාගත් සමාගම් වලට මචං ඕක අල්ලල දාපන් කියල රටක් ගෙනියන්න පුළුවන් ද? එජාපය, සජබය,පොහොට්ටු  හා ජවිපෙ අද ඉන්නෙ එකම තැනක.මෙච්චර බඩුමිළ වැඩිවෙලත්,Tax මෙච්චර ගහල මිනිස්සුන්ව පෙලද්දිත් ඉස්සර ආපු විරෝධතා ,පෙළපාලි අද කෝ.අද ඒව එන්නෙ නෑ  ඇයි? 

මෙතෙක් මේ රට බෙදිල තිබුණේ කඳවුරු දෙකකට.ඒ කඳවුරු අද විසිරිලා.සමීක්ෂණ වාර්තා අනුව 60% ක ජනතාවක් අද නව විසඳුමක් අවශ්‍ය බව කියනවා.අපි ඒ විසඳුම ගේනවා යනුවෙන් ඔහු පැවසීය .

lankalnews  මහනුවර වාර්ථාකරු..

Post a Comment

0 Comments