රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන දැනුම්දීමක්.!

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන දැනුම්දීමක්

සියලුම රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රුපියල් 10,000 වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාව ලබාදීමට අදාළ මුදල් භාණ්ඩාගාරය නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කරයි.

දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බවත් ජනවාරි සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7කින් ඉහළ යන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

2024 අයවැය මගින් එළඹෙන අප්‍රේල් මස සිට ලබාදීමට යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමෙන් පසු අතිරේකව රුපියල් බිලියන 14ක් පමණ රජයට වැය වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Post a Comment

0 Comments