පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි..

 


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ එම පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි නායකයෙක් ඉදිරිපත් කරන බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද (17) කළුතර සීමාසහිත විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.

එහිදී එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ ය.

එයට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සැමදා සිදුකළේ කයිවාරු ගැසීම පමණක් බවයි.


Post a Comment

0 Comments