සෙක්ස් ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ගොඩාක් අය කැමති නෑනේ.
හැබැයි අපි කතා කරමු.
මොකද සෙක්ස් කරලා ඉවර වුනාට පස්සේ මේ දේවල් ඔයා කරන්න සහ මේ දේවල් ඔයා කරන්න එපා.
මොකද ඒවයින් වෙන සමහර ප්‍රතිවිපාක නිසා ඔයාට අවාසියක් වෙන්නත් පුළුවන්.
සෙක්ස් කරල ඉවර වුනය පස්සෙ අනිත් පැත්ත හැරිලා නිදාගන්න එපා.
මේ චෝදනාව ගොඩාක්ම එල්ල වෙන්න පිරිමි පාර්ශවයට.
ඔයාලා සමහර විට අහලත් ඇති "එයා නම් කරලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා" කියලා.
සෙක්ස් කරලා ඉවර වුනාට පස්සේ පොඩ්ඩක් මහන්සියි තමයි.
හැබැයි ඔයාට පුළුවන් නිදාගන්නවට වඩා එයා එක්ක මහන්සිය අඩු වෙනකන් පොඩ්ඩක් කතා කර කර ඉන්න.
ඒක දෙන්නගෙම බැඳීම වැඩි වෙන්න පුළුවන් ඉතාමත් හොඳ වැඩක්.
අනිවාර්‍යයෙන් වොශ් එකක් නම් දාගන්නම ඕනි.
වැඩේ ඉවර වුනාට පස්සෙ දෙන්නා එක්කම ඇඟ සහ ලිංගික අවයව සහ ඒ ආශ්‍රිතව සෝදාගන්න.
ඒක ඔයාගේ සෞඛ්‍යාරක්ෂාවට හොඳයි.එහෙම නොකලොත් ලිංගික ප්‍රදේශවලට ආසාදන එහෙමත් ඇති වීමේ ඉඩකඩ වැඩියි.
චූ පාරක් දාලා, වතුර ටිකක් බොන්න'
කොහොමත් සෙක්ස් කලාට පස්සේ දෙගොල්ලන්ටම මුත්‍රා කරන්න ඕනි අවශ්‍යතාවය ඇති වෙනවා.
එහෙම මුත්‍රා කරන එකත් හොඳයි මොකද සෙක්ස් කරන වෙලාවෙදී මුත්‍රා මාර්ගය හරහා බැක්ටීරියා එහෙම ඇතුලු වුනොත් ඒවා සේදිලා යන්න ඒක හේතුවක් වෙනවා .
ඒ එක්කම වතුර ටිකකුත් බොන්න.එතකොට ඇඟට නැවුම් ගතියක් එනවා.
සහකරුවා/සහකාරිය එක්ක තියෙන සම්බන්ධය ශක්තිමත් කරගන්න
කලින් කිව්වා වගේම ඔයා එයා එක්ක ටිකක් කතා කර කර ඉන්න.
ඒක ඉතාමත් වැදගත්.විවාහයට පෙර ඔබේ පෙම්වතිය සමගින් නම් ඔබ මේ වැඩේ කලේ ඇය සමග මද වෙලාවක් හෝ කතා කර කර හිඳීම හෝ අනාගත සැලසුම් ගැන සරලව තුරුල් වෙලා කතා කර කර ඉන්න එක ඇත්තටම වටිනවා.
අරක්ෂිත ක්‍රියා මාර්ග ගන්න අමතක කරන්න එපා
අනිවාර්‍යයෙන් ඔබ අවිවාහකයෙක් නම් ඔබ සමඟ ලිංගික ක්‍රියාවකට යන්න කලින් උපත් පාලන කොපු පැලඳීම නම් අනිවාර්‍යයයි.
මොකද ලිංගික සබඳකම් නිසා ඇතිවන හදිසි ගැබ් ගැනීම්වල සිට ලිංගික රෝග බෝවීම් දක්වාම බේරෙන්න හැකියාවක් සහ වාසියක් එමගින් තියෙන නිසා.
තව කියවන්න :
- රති කෙළියට පසු ඊළඟට කුමක්ද කරන්නේ ? මේක ඔයාලා කියවන්න ඕනිම කතාවක්.
- ගණිකා වෘත්තිය දෙස තෙවැනි ඇසකින් බලමු.
0 Comments