ගණිකා වෘත්තිය දෙස තෙවැනි ඇසකින් බලමු.

ගණිකා වෘත්තිය දෙස තෙවැනි ඇසකින් බලමු

 ලොව පලමු වෘත්තීය ලෙස සැලකෙන්නේ ගණිකා වෘත්තිය වේ. ගණිකා වෘත්තිය යනු මුදලක් හෝ ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් කෙනෙකු සිය ලිංගික ශ්‍රමය, තවකෙනෙකුගේ ලිංගික අවශ්‍යතාවය වෙනුවෙන් අලෙවි කිරීමයි. කය, මනස වෙහෙසවමින් ඉපයීමක් සිදුකිරීමට පවා බොහෝ බාධා ඇති  රටක, ලිංගික ශ්‍රමය සඳහා නීතිමය හා සදාචාරාත්මක ලෙස බාධක පැමිණීම පුදුමයක් නොවේ.

ගණිකාව කියූ සැනින් මතකයට එන්නේ රාත්‍රීයේදී ප්‍රධාන නගර වල සිටින, වීධි කාන්තා ගණිකාවන් වේ. එහෙත් ඉලක්කම්  පහේ, හයේ වටිනාකම් වලට, කලින් වේලාවන් වෙන් කරගෙන, සුඛෝපභෝගී හෝටල් වල පමණක් හමුවීම් කරන අයද ගණිකාවන් වනවා පමණක් නොව, ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තුවකින් කාන්තාවන්ගේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් ලිංගික ශ්‍රමය අලෙවි කරන පිරිමි පාර්ෂවද පිරිමි ගණිකාවන් වේ.

ගණිකා වෘත්තිය තුලින් සංස්කෘතික පරිහානියක් සිදුවන බව ඇතැම් අයගේ මතය වේ. මේ වන විට ගණිකා වෘත්තිය මෙරට තහනම් වුවත්, කොපමණ ලිංගික ශ්‍රමිකයන් සිටිනවද? ආරක්ෂක අංශ වල විවිධ වැටලීම් වලට හසුවන්නේ ගණිකා මඩම් වල, දවසේ පඩියට සේවය කරන කාන්තාවන් පමණි. එහෙත් බලවතුන් වෙනුවෙන් සුඛෝපභෝගී හෝටල් වලට එන අයට ලැබෙන්නේ සැලුට් පාරවල්ය.  ඒවගේම නීතියේ රැහැනට කොටුවන ගණිකාවන් සඳහාද, ලංකාවේ අදටත් පවතින්නේ 1841 වසරේ ඇතිකල නීතියක් ( Vagrants Ordinance No. 4 of 1841) වන අතර එහිදී අයකල හැකි උපරිම දඩය රුපියල් පහකි.

අනෙක් අතර, මෙතරම් ලිංගික ශ්‍රමිකයන් බිහිවන්න හේතුව තම නීත්‍යානුකූල සහකරුවා හෝ සහකාරියගෙන් සිය ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට නොහැකිව විවිධත්වය සොයන පිරිසක් සිටීමයි. මෙයට දාර්ශික පිලිතුරු බොහොමයක් තිබිය හැක. එනම් මිනිස්සුන්ව,  සිය ලිංගික ආශාවන් යටපත් කරගැනීමට භාවනාවට හුරුකිරීම, නීතිය තර කිරීම ආදිය වේ.

සුරාමේරයෙන් තොරවීම බුදු දහමේ නිර්දේශ කර ඇත. මාසෙටම එක දවසක්, එනම් පොහොය දිනයේදී සුරාසැල් වසා තැබීමේ නීතියක් තිබ්බත්,  ඊට පෙර දින මත්පැන් පෝලිම් කොපමණද? පොහොය දිනට කළු කඩවල් වල මත්පැන් අලෙවි වන්නේ නැද්ද? ගණිකා වෘත්තිය දෙසත් එලෙසම බැලිය යුතුය. කොතරම් තහනම් උවත්, අවශ්‍ය පාර්ෂවයත්, සැපයුම් පාර්ෂවත් කැමති නම්, එකී සේවාවන් අනිවාර්යයෙන්ම සිදු වේ.

උපතින්ම ඇතැම් අය අධි ලිංගික ආශා වලින් පෙලේ. ඇතැම් අයගේ ලිංගික ආසාව සිය ආශ්‍රිතයන් නිසා ඉහල යයි. ඔවුන් තම හිත ධමනය කරගැනීමට පෙළඹෙන්නේ නැත්නම්, ඒ සඳහා ලිංගික ශ්‍රමිකයන්  නොමැති නම්, අහිංසකයන්ට අවසානයේදී ඔවුන්ගේ බිලි වීමට සිදු වේ. ලංකාවේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර මේතරම් වැඩි වී ඇත්තේද ඉහත ලිංගික අසහනකාරයන්ට අවශ්‍ය පහසුකම් නොමැති බැවිනි. 

මෙහි ආර්ථික පැතිකඩක්ද ඇත. මේ වන සිටින ලිංගික ශ්‍රමිකයන් උපයන ආදායම් රජයේ බදු දැලට හසු නොවේ. මේවා සැඟවුනු ආර්ථික ක්‍රියා නිසා ආර්ථික වර්ධනයද අවතක්සේරු වේ. 

ඉහත තර්ක අනුව දැනට ගණිකා වෘත්තියේ නිරත වන්නන්ට සාධාරණයක් කර, සාමාජ පිරිවැය අවම කර, ආර්ථික ප්‍රතිලාභද ලබාගත හැක. කෙසේ උනත් ගණිකා වෘත්තීය ප්‍රවර්ධනය කිරීමද කිසි ලෙසකින් කල යුතු නැත. ගණිකා වෘත්තීය යනු කිසිම උසස් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් නොමැති, අය සඳහා විවෘත රැකියාවක් ලෙස පෙන්විය යුතුය. ඒ වගේම ලිංගික අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනයට ඇතුලත් කර, මෙහි කුතුහලය කුඩාකලම ඉවත්කල යුතුය. ඒ තුලින් ලිංගික අසාහනකරුවන්ද සීමා විය හැක. 


- යෙනුක සිසිල්චන්ද්‍ර

තවත් ලිපි : 

බිරියන් අනියම් සැමියන් සොයා යන්නේ ඇයි ? සමීක්ෂණයකින් හෙළි වුණු හිතාගන්නවත් බැරි දෙයක් !

ලිංගික තෘප්තිය ලැබීමේ රහස්.

Post a Comment

0 Comments