විශිෂ්ඨ පච්චයක් සිරුරේ කෙටීමෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයාට උණ හැදේ..

 



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු තම සිරුරේ සිදු කළ පච්චා කෙටීමක් හේතුවෙන් උණ වැලදි ඇති බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් ඔහු මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාවේ තරගාවලියට ක්‍රීඩා නොකරනු ඇති බවද දැනගන්නට ඇත.

මේ අතර සිම්බාවේ කණ්ඩායම සමග පැවැති පළමු එක් දින තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දමා තිබේ.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු වාර පනහ අවසානයේ කඩුලු නමයක් දැවී ලකුණු 273ක් ලබා ගත්තේය.

සිම්බාබේ කණ්ඩායමට සිය ඉනිමේ ක්‍රීඩා කළ හැකි වූයේ පන්දුවාර හතරක් පමණි.

වර්ෂාව මක තරගය නතර කරන විට ඔවුන් එම පන්දුවාර හතර තුළ කඩුළු දෙකක් දැවී ලකුණු දොළහක් ලබා සිටියේය.

ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තුව විශාල ලෙස පහල දමා තිබියදී ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවති තරඟය නැරඹීම සඳහා පැමිණ සිටියේ ඉතා අඩු ප්‍රේක්ෂක පිරිසක් වීමද විශේෂත්වයකි.

Post a Comment

0 Comments