ලෝක ආර්ථික සමුළුව ස්විට්සර්ලන්තයේදී අද ඇරඹේ..



ලෝක ආර්ථික සමුළුව අද (15) ස්විස්ටර්ලන්තයේ ඩාවොස්  නුවරදී ආරම්භ වීමට නියමිතයි. 

එම සමුළුව සදහා එක්වීමට ශ්‍රී ලංකා ජනාධිපති රනිල වික්‍රමසිංහ පෙරේදා (13) දිනයේදී   ස්විස්ටර්ලන්තය බලා පිටත්ව ගියේය. 

මෙමෙ සමුළුවට සමගාමීව පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට ද ජනාධිපති වරයා සහභාගීවීමට නියමිතයි. 

දේශපාලන, ආර්ථික, සමාජීය සහ පාරිසරික න්‍යාය පත්‍ර​ හැඩගැස්වීම සදහා වසර ආරම්භයේ දී ලෝකයේ ප්‍රධාන රටවල සහභාගීතයෙන් ලෝක ආර්ථික සංසදය පවත්වනු ලබයි. 

මේ අතර ජනාධිපතිවරයා ස්විස්ටර්ලන්ත -  ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ග්‍රීන් ටෙක් සංසදයේ ප්‍රධාන දේශනය ද පැවැත්වීමට නියමිතයි.  

"බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාවක් කරා මග පෑදීම්" එහි තේමාවයි. 

Post a Comment

0 Comments