ධීවරයින් හත්දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කරයි.

 


2012.10.15 දින හෝ ඊට ආසන්න දිනයක දී නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පළායෑමේ අරමුණින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර රැකියාවක නිරත වූ පුද්ගලයින් රැගත් 'තේජාන්' නැමති ධීවර යාත්‍රාව පැහැරගෙන, එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කර, තවත් ධීවරයින් කිහිපදෙනෙකුට බරපතළ තුවාල සිදුකර, බෝට්ටුව පැහැරගෙන ඔස්ට්‍රේලියාවට යෑමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණා.

එම නඩුවේ 10 වන විත්තිකාරිය ලෙස නම් කර තිබු විත්තිකාරිය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටත්, මරණීය දණ්ඩනය නියම කළ අධි චෝදනා තුනට අමතරව සෙසු අධි චෝදනා 6ට එම විත්තිකරුවන්ට බරපතළ වැඩ සහිත වසර 29ක සිර දඬුවම්ද නියම කළ විනිසුරුවරයා රුපියල් මිලියන 2යි රු 8500 බැගින් වූ දඩයක් ගෙවීමටද නියෝග කර තිබෙනවා.

නීතිපතිවරයා විසින් එම සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර, ඉන් විත්තිකරුවන් තිදෙනෙක් නඩු විභාගය අතරතුර හෝ නඩු විභාගය ආරම්භ කිරීමට පෙර මියගොස් තිබීම නිසා අධිකරණය හමුවේ නඩු කටයුතු මෙහෙයවනු ලැබුවේ විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments