ජනතාවගේ අයිතිය ,ජාතික සෛවරීභාවය අහිමි කරමින් රාජ්‍ය සම්පත් කොම්පැණිවලට පාවාදීම නතර කරනු! ප්‍ර.වෘ.ස.ස.සභාපති ඩඩ්ලි කලංසූරියආරච්චි පවසයි.

 


ලංකාවේ සංවර්ධන ඉතිහාසයේ පොදු ජන යුගයන්හිදී බිහිකරන ලද රාජ්‍ය ව්‍යවසායන් ඇතිකරන  ලද්දේ සමාජ අවශ්‍යතාවය සපුරාලීම උදෙසාය.

     විදේශ ආදායම් කැමති පරිදි රටින් බැහැරව තැබීමේ විදේශ විනිමය ජාවාරමට ලැබුණු අවසරයෙන් රජයේ සංචිත හිඳීයාම නිසා නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ලාභ ලබන රාජ්‍ය ව්‍යවසායන් විකුණා සංචිතය තර කිරීමට රජය තීරණය කර ඇත .1978 සිට මේ දක්වා දේශීය හා විදේශීය ධනවතුන්ට එසේ විකුණනු ලැබූ රාජ්‍ය ව්‍යවසායන් ගණන සියයකට අධිකය.

 වෘත්තීය සමිති ව්‍යාපාරයේ හා ප්‍රගතිශීලී දේශපාලනයේ මැදිහත් වීමෙන් දිනාගත් මෙම සම්පත් හා සුභ සාධන රාජ්‍යය තවදුරටත් විනාශ මුඛය⁣ට ගෙන යාමට  මේ ආණ්ඩුවට ඉඩ දිය නොහැක .

   එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දොලදුක සන්සිදුවීම උදෙසා ජාතියේ හදවත කපා පූජා කිරීමට මේ රටේ කම්කරු පංති ව්‍යාපාරය ඉඩ නොදෙන අතර,ජනතාවගේ ආර්ථික සෛවරී බලය සහ ජාතික ආර්ථිකයේ ඉමහත් ආදායම්  දේශීය විදේශීය සමාගම්වලට

බිලිදීමට මූල්‍ය අරමුදල දමන කොන්දේසි ඉවතලන ලෙස ආණ්ඩුවට බලකර කියා සිටිමු.

   මූල්‍ය අරමුදලට යා යුතුය ,එහෙත් ඔවුන්ගේ කොන්දේසි හෙට්ටුකළ යුතු බව කියන සමහරුන්ට අපි පවසන්නේ හෙට්ටුකිරීමේ ප්‍රතිඵලය ඇත්තේ සම බලයක් ඇති දෙපාර්ශවයක් අතර පමණක් බව යි.එබැවින්  විදුලි බල මණ්ඩලය  කොටස්කර විකිණීමේ ප්‍රයත්නය පරාජය කිරීමටත්,ටෙලිකොම් ,රක්ෂණ ,දුම්රිය ,තැපැල් ඇතුළු ඉතිරි රාජ්‍ය ආයතන විකිණීමට එරෙහිව පෙළ ගැසෙන සටන සමඟ අපද එකතු වන බව කියා සිටිමු.

ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති සම්මේලනය.

Post a Comment

0 Comments