අද වන විට ලෝකයේ මෙන්ම ආසියාවේද සිටින බලවත්ම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජන හමුවක් අමතමින් සදහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ඉතා කෙටි කාලයක් තුළ ලෝකයේ ඉන්න බොහෝ රාජ්‍ය නායකයන් මුණ ගැසුණු බවත්, ලෝක නායකයන් පවා ඔහුගේ අදහස් වලට ගරු කරන බවත්, තර්ක කරන්නේ නැති බවත් හෙතෙම පැවසීය.
ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල මේ වන විට ලෝක බැංකුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ආසියානු සංවර්ධන බැංකුව චීනය ජපානය පවා අගයා ඇති බවද ඔහු සඳහන් කළේය.
රට වැටුනු අවස්ථාවේ ජාතික ආරක්ෂා භාරගත් රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන වශයෙන් ජාතික වස්තුවක් බවද හෙතෙම පැවසීය.


0 Comments