මියන්මාර ත‍්‍රස්ත ග‍්‍රහණයේ සිටින ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීමට මෙහෙයුමක් අරඹයි…

 

මියන්මාරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 56 දෙනා කඩිනම් මෙහෙයුමකින් මුදා ගැනීමට මියන්මාර රජය එකඟ වූ බව මියැන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා මියන්මාර විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡා වලදී ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු බව පැවසීය.

ඉන්දියාව,නේපාලය,බංගලදේශය ,ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල බින්ස්ටික් තානාපතිවරු එලෙස මියැන්මාරයේ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

එම සාකච්ඡා ද සුබවාදීව අවසන් වූ බව පැවසීය.

ඒ අනුව සිරවී සිටින පුද්ගලයන් කඩිනමින් මුදා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කිරීමට එකඟ වූ බව වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments