බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකතන දෙමින් තමා අවලෝකිතේශ්වර නමින් හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු (Mahinda Kodithuwakku) නමැති පුද්ගලයා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පන්නිපිටිය ප්‍රදේශයේදී රහස් පොලිස් නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට විරුද්ධව ලැබී පැමිණිලි කිහිපයනට සම්බන්දව විමර්ශන කටයුතු ආරම්භ කිරීමටයි.
මොහු සම්බන්දව පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොසසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පාර්ශව කිහිපයක්ම රහස් පොලිසියට පැමිණිලි කර ඇති අතර, මේ වන විට ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කර ඇත.


0 Comments