" ට්‍රම්ප්" ඡන්ද සටනේ පළමු ජය ලබයි

donald trump

 අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පැවැති රිපබ්ලිකන් ප්‍රාථමික මැතිවරණය ජයගැනීමට හිටපු ජනාධිපති ඩොනඩ්ල් ට්‍රම්ප් සමත්ව තිබේ. 

ඒ සඳහා පක්ෂ අපේක්ෂකයින් තෝරාපත් කරගැනීමේ පළමු අදියර එරට අයෝවා ප්‍රාන්තයෙන් ඊයේ (15) ආරම්භ වූයේ රිපබ්ලිකන් අපේක්ෂකත්ව සටනත් සමඟිනි.

ඡන්ද විමසීමේ දෙවැනි ස්ථාන දිනාගෙන ඇත්තේ ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ය.

ඔහු සහ අපේක්ෂක නිකී හේලි අතර දෙවැනි ස්ථානය සඳහා තියුණු තරගයක් පැවතුණි.

මේ අතර රිපබ්ලිකන් පක්ෂයෙන් ඉන්දීය සම්භවයක් සහිත විවේක් රාමස්වාමි නම් අපේක්ෂකයෙක්ද ඉදිරිපත්වී තිබූ අතර ට්‍රම්ප්ගේ ජයත් සමග ඔහු තරගයෙන් ඉවත්වී තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරණය මේ වසර අවසානයට යෙදී තිබේ.

Post a Comment

0 Comments