නියමිත පරිදි ජනාධිපතිවරණයක් නොපැවැත්තුවොත් කොළඹ වටකර ආණ්ඩුව එළවා දමන්නට සූදානම් බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ මහ මැතිවරණය කැඳවීමට බවත්, ඉන් පසු සියල්ල එකතු කරගෙන එකසිය දහතුන හදාගෙන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට උත්සාහ දරන බවත් ඒ මහතා සඳහන් කළේය.
නමුත් මෙවර මන්ත්‍රීවරුන් එකසිය දහතුනක් පාර්ලිමේන්තුවෙන් සොයා ගැනීමට නොහැකි වනු ඇති බවත් ජනතාව දැනටමත් එම තීරණය ගෙන අවසන් බවත් හෙතෙම පැවසීය.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා වශයෙන් පත් වූ පසු දූෂිත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රයට අත්සන් කිරීම පළමු කාර්ය ලෙස සිදු කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
තවත් පුවත් :
0 Comments