මීළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහගේ වැඩ සටහන පරාජය කළ හැකි හා රට පත්කර ඇති අගාධයෙන් හා උගුලෙන් එළියට එන්න පුළුවන් වැඩ සටහනක් සහිත අපේක්ෂකයකු තෝරා පත්කර ගත යුතු බව මහාචාර්ය චරිත හේරත් මහතා අද පැවති නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවේදී පවසන ලදී .
රනිල් වික්‍රමසිංහ මහතා වැඩසටහනත් සමගම පරද්දනවද? නැත්නම් එයාගෙ වැඩ සටහන කරගෙන යන්න එයා වෙනුවට වෙනත් කෙනෙක් දානවද?මෙයයි අපිට තෝර ගන්න තියෙන්නේ .
රනිල්ගේ වැඩ සටහනම ඉදිරියට ගෙනියනවනම් ස.ජ.බ සමඟ එකතුවී වැඩක් තියෙනවාද කියල තමා ප්‍රශ්න කරන බව පැවසීය .ඒ සඳහා දේශපාලන දහරාවක් අවශ්‍ය යි.රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියෙන් එලියට යන අපේක්ෂකයකුටයි අපි සහාය දිය යුත්තේ .
IMF Repල තුන් දෙනෙක් පේන්න ඉන්නව.රනිල් ,ස.ජ.බ සමහර ආර්ථික විශේෂඟ්‍රයො හා මහ බැංකුව. වික්‍රමසිංහගෙ වැඩ සටහන පරද්දන්න නම් ස.ජ.බ IMF Rep ලගෙ ගොඩෙන් එළියට පැමිණිය යුතු බවත් ,එසේ පැමිණෙනවාද? නැද්ද යන්න තීරණය කිරීම ඔවුන්ගේ වැඩක් බවත් පැවසීය .
රනිල්ගෙ දේශපාලන ආර්ථික වැඩ සටහන කුමක්ද ?හැමදාම යෝජනා කරන නව ලිබරල් වැඩ සටහනමයි.රජය කුඩා .කරල,වෙළෙඳ පොළට නිදහසේ හැසිරෙන්න ඉඩ දෙන ක්‍රමයයි.එය අසාර්ථකයි.
ඒනිසා රනිල්ගේ මේ වැඩ සටහන එක්සත්ව පරද්දන්න ඕන .බදු ගහල ජනතාවගෙ බෙල්ල හිර කරන,රාජ්‍ය සම්පත් විකුණන ,විදුලි බල මණ්ඩලය කෑලි 16කට කඩන මේ වැඩ සටහන පරද්දන්නම ඕන .අපේ සංවාදය වන්නේ රනිල් විතරක් නෙමේ රනිල්ව පරද්දන්න ඕන ඔහුගෙ වැඩ සටහනත් එක්කම කියන එකයි..එබැවින් රනිල්ගේ මේ රාජ්‍ය දියකර හැරීමේ IMF දේශපාලන ක්‍රියාදාමයට විරුද්ධ විපක්ෂයේ පුළුල්ම සංවිධානය හැදීම සඳහා අවශ්‍ය දේශපාලන සංවාදය ශක්තිමත්ව ඉදිරියට ගනිමු.
 

 
 
 
 
 
 
 
 
0 Comments