වෛද්‍යවරු සටන දිනයි.. වර්ජනය අවසන්.!


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) දින සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද එම වර්ජනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බවද එම සංගමය සදහන් කරයි.

වෛද්‍යවරුන්ගේ DAT දීමනාව ජනවාරි මස වැටුප සමග ගෙවීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කළ ලිපිය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිඛිත දැනුම්දී ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් එම ලිපිය අවලංගු කිරීමත් සමග රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය සිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇත.

සාමාන්‍ය වැටුප් ලේඛනය මගින් DAT දීමනාව නොලැබෙන වෛද්‍යවරුන් සඳහා අදාළ දීමනාව විශේෂ වවුචරයක් මගින් ගෙවන ලෙස ආයතන ප්‍රධානීන් වෙත නියෝග කර ඇති බවද එම සංගමය සඳහන් කරයි.

තවත් පුවත් : 

Post a Comment

0 Comments