වාහන ආනයනය ගැන රජයෙන් නිල ප‍්‍රකාශයක්…

 

මේ මොහොතේ වාහන ආනයනය සඳහා රජයේ කිසිදු සූදානයක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවේ නිර්දේශ අනුව ඒ පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බවද හෙතෙම සදහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

රාජ්‍ය ආදායම පැත්තෙන් බැලුවත් වාහන ආනයනය රජයට ඉතා වැදගත් වන නමුත් එය සිදු කළ යුත්තේ විදේශ සංචිතය කොපමන මට්ටමකට පැමිණි පසුව දැයි තීරණයක් ගත යුතු බවද හෙතෙම එහිදී පැවසීය.

එමෙන්ම මෙරට දැනට ඇති වාහන ප්‍රමාණවත්ද යන්න පිළිබඳව අධ්‍යයනය කර එහි වාර්තාවද අනුව තීරණය ගත යුතු බවත් හෙතෙම තව දුරටත් සඳහන් කළේය.

Post a Comment

0 Comments