වංචාව ,දූෂණය නැති කිරීමෙන් පමණක් අර්බූදයෙන් ගොඩ ඒමට හැකිද..!

වංචාව ,දූෂණය නැති කිරීමෙන් පමණක් අර්බූදයෙන් ගොඩ ඒමට හැකිද..!

වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ කථිකාවේදී වංචාව හා දූෂණය නැති කිරීමෙන් රට ගොඩ ගත හැකි  බවට වන ව්‍යාජ හා බොළඳ සාකච්ඡාවක් සමාජ ගත කිරීමට සමහර දේශපාලන පක්ෂ හා කංඩායම් උත්සාහ  ගනිමින් සිටින බව පෙනේ.

 මෙය අර්බුදය විසඳීමේ සැබෑ ක්‍රියාමාර්ගය යට ගැසීමට කරන දැනුවත් උත්සාහයක් ද යන්න දේශපාලනය පිළිබඳ දැනුවත් භාවයක් ඇති බොහෝ දෙනා තුල කථාබහට ලක් වී ඇත.

ඇත්ත වශයෙන්ම දැන් ලංකාව මුහුණ දී සිටින සැබෑ අර්බුදය නව ලිබරල්වාදී ආර්ථික මූලෝපාය තුලින්ම පැන නගින්නාවූ එකක් බවට නොදන්නා කෙනෙක් සිටිය නොහැක .

IMF ලබා දෙන්නාවූ උපදෙස් හා ණය තුළින් මෙම අර්බූදයෙන් ගොඩඒමට නොහැකි බව දැන් ජනතාව විඳිමින් සිටින අපා දුක දැකීමෙන් කාට වුවත් වැටහේ.IMF ක්‍රියාමාර්ගයෙන් සිදුවන්නේ අර්බුදය තව තවත් දිග්ගැස්සීම පමණි .

එබැවින් ආණ්ඩුවට විරුද්ධව  මීළඟට බලය ඉල්ලන ඕනෑම පක්ෂයක් නව ලිබරල්වාදී ආර්ථික උපාය මාර්ගයෙන් දුරස්වීමත්,IMF වැඩපිළිවෙලින් විකල්ප මාවතකට ප්‍රවේශවීමත් අනිවාර්ය අවශ්‍යතාවයකි.

 දිලිත් ජයවීර ඊයේ කුරුණෑගල පැවති රැස්වීමකදී පැවසුවේ IMF එකට විකල්ප මාවත් ඕන තරම් තිබෙන බවත් ,තමා යෝජනා කරන්නේ ව්‍යවසායකත්ව රාජ්‍යයක්  බවත්ය .

එසේම මහාචාර්ය සුමනසිරි ලියනගේ ඇතුළු මහාචාර්යවරුන් ගණනාවක් මේ වන විටත් IMF මාවතට විකල්ප මාවතක්  ඉදිරිපත් කර ඇත .එම නිසා දූෂණය නැති  කිරීමෙන් පමණක්  මේ අර්බුදයට විසඳුම් නැති බව දැනගැනීම කාගෙත් සෞඛ්‍යයට හිතකරය.

         --  විමර්ශක -- 

තවත් පුවත් : 


Post a Comment

0 Comments