එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක වටිනා සුරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදුකර තිබේ.
එම පරිත්‍යාගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශව ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
2023 දෙසැම්බර් මස 30 වනදා සුරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 117.3ක් සහ 2024 ජනවාරි 4 වනදා තෙල් මෙට්‍රික් ටොන් 13.1 ක් රුසියානු රජයෙන් මෙරටට ලබාදීම සිදු වූ අතර එම සමස්ත පරිත්‍යාගය වන තෙල් මෙට්‍රික් ටොන් 130.41කට අදාල පරිත්‍යාගය මෙලෙස නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම සිදුවිය. මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස 2023 ජුලි 04 වනදා ද සුරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 351.9ක ප්‍රමාණයක් රුසියානු සමුහාණ්ඩුවෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබිණි.
දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් වෙත මෙම පරිත්‍යාගය සෘජුවම යොමු කරනු ලැබේ. විශේෂයෙන්ම මඩකලපුව, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල පවුල් 8625 ක් වෙත මෙහි ප්‍රතිලාභ හිමිවනු ඇත.


0 Comments