රජයේ ඉඩම් වල අනවසරයෙන් රැදීසිටින පුද්ගලයන්ට සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතිබව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවසීය.
නිර්ණායක කිහිපයක් සලකා බලා ඔප්පු ලබාදීමට නියමිතයි.
ඒ සඳහා අවශ්‍ය කටයුතු මේවන විට සූදානම් කරමින් පවතියි.
ඇතැම් අවස්ථාවල ඉඩමේ අයිතිය නීත්‍යානුකූලව නොමැති වීම හේතුවෙන් එහි පදිංචිකරුවන් දැඩි පීඩාවට ලක්වන බව ලේකම්වරයා පැවසීය.
ඒ හේතුවෙන් මෙම වැඩපිළිවෙළ ඉදිරි සති කිහිපයේ ආරම්භ කරන බව පැවසීය.
වැඩසටහන සඳහා රුපියල් බිලියන 02ක් වෙන්කර තිබේ.


0 Comments