පොහොට්ටුවේ බරපතල කඩා වැටීමක් !

පොහොට්ටුවේ බරපතල කඩා වැටීමක් !

සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි වියෝව විශේෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොට්ටු පක්ෂයේ තවදුරටත්  බරපතල කඩාවැටීමකට හේතු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රාදේශීය සභාවෙන් පළාත් සභාවටත්,පළාත් සභාවෙන් පාර්ලිමේන්තුවටත් පිවිසි ඒ මහතා පුත්තලම දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක වූ යූ.එන්.පී මැර දේශපාලනයට නොබියව මුහුණ දුන් අයකු ලෙසද ප්‍රසිද්ධය.පසුගිය මහ මැතිවරණයේදීද ඡන්ද අසූදහස් ගණනක් ලබාගෙන දිස්ත්‍රික්කයේ පළමු වැනියා වූ අතර, විශේෂයෙන් ඔහු විසින් ගොඩනගාගත් පෞද්ගලික ඡන්ද විශාල ප්‍රමාණයක් පවතින බවත් ,ඔහුගේ වියෝවෙන් පසුව ඒ ඡන්ද වලින්ද බහුතරය පොහොට්ටුවට අහිමි වන බවද දේශපාලන නිරීක්ෂකයෝ පවසති .

      එසේම මහින්ද මහතා ඇතුළු රාජපක්ෂ පවුලටත්,පොහොට්ටුවේ ජාතික වැඩපිළිවෙළටත් ඔහු  දැක්වූ අසීමිත සහයද මින්පසු අහිමිවීයන බවත් ,ඔහුගෙන් හිස්වන එම රික්තය පියවීමට වෙනත් නායකයකු පුත්තලම දිස්ත්‍රික්කය තුල පොහොට්ටු වට නොමැති බවත් ,ඔහුගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහාද, මීළඟට පත්වීමට නියමිතව ඇත්තේ  විමල් වීරවංශ මන්ත්‍රීවරයා නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණේ  අපේක්ෂකයා වන බැවිනුත්,ඔහු අනිවාර්යයෙන්ම විපක්ෂයේ  මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බැවින් එයද පොහොට්ටුව⁣ට බරපතල පාඩුවක් ගෙන දෙනු ඇති බවත් නිරීක්ෂකයන් පවසයි .සමස්තයක් ලෙස සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයාගේ වියෝව පොහොට්ටුවට බරපතල පාඩුවක් බව සැමගේ පිළිගැනීම යි..

             --   විමර්ශක .....

තවත් පුවත් : 

Post a Comment

0 Comments