පොහොය දවස්වල, නිවාඩු දවස් වල සුදු ඇඳුමින් සැරසිලා, ලොකු මල්වට්ටි රැගෙන, පන්සල්වල් වල ආමිස පූජාවේ නිරතවන බහුතරයක් අප රටේ සිටිනවා. නමුදු ඒ අය අතුරින් බහුතරයක් හිත, කය, වචනය භාවිතා කරන්නේ තවෙකෙකුට සාප කරන්න, විවේචනය කරන්න නැතිනම් තලාපෙලා දමන්න. නාමික දැහැමි සංස්කෘතික ගැන පුරසාරම් නගන්නේද මේ පිරිසයි.
ඉදිරියේදී අපි රාජ්‍ය පාලනය බාරදිය යුතුවන්නේ සැබෑ ආර්ථික සංවර්ධනයක් මෙන්ම පුද්ගලයන්ගේ ආකල්පීය වෙනසක් සමග සංස්කෘතික වෙනසක් ඇතිකල කණ්ඩායමකට නොවේද?
ඉහත අරමුණු දෙකම ඉටුකිරීමට, නිදහසින් පසු මෙරට පාලනය කල අවස්ථාවාදී කණ්ඩායම් දෙකම අපොහොසත් වූ නිසා, නායකත්වය, අද්දැකීම, භාවිතය, ප්‍රතිපත්ති වැනි සංරචක ගැන සැලකිලිමත් නොවී, ප්‍රධාන කණ්ඩායම් දෙකට පසුව ඡන්ද ලබාගත් කණ්ඩායමට බලය ලබාදෙන්න, ඇතැම් අය තීරණය කරලා. ඇයි දෙන්නෙ ඇසුව විට, ලැබෙන පිලිතුරු අනිත් උන් එකෙක්වත් වැඩක් නැහැ, ඡන්දෙ දෙන්න වෙන කවුරුත් නැහැ කියන එකයි.
නිවැරදි විමසා බැලීමක් කලොත්, ඒ කණ්ඩායමේ නායකත්වයේ සිටින බහුතරයකට උසස් අධ්‍යාපන සුදුසුකම් ඇත. නමුත් ඔවුන් අතිබහුතරයක් ඒ උගත් දැනුම භාවිතයෙන් වෘත්තිකයෙක්, ව්‍යවසායකයෙක්, හෝ සේවයෙක් ලෙස සේවය කර සම්පත් කළමනාකරණයේ අද්දැකීම් ලබාගෙන නැත. ඒ වෙනුවෙන් පක්ෂයේ අරමුදලෙන් හා හිතවතුන්ගෙන් ලැබෙන සහයෝගයෙන් දිවිගෙවන අතර, මහන්සි වී හම්බකරන අයට වඩා සුඛෝපභෝගි දිවියක්ද ඔවුන් ගතකරති. එවන් මූලධර්මවාදි, ප්‍රායෝගික නොවන පිරිසකට ආර්ථික සංවර්ධනයක් ඇතිකරන්න පුලුවන්ද?
මෙම කණ්ඩායම අතීතයේදී බලය ලබාගැනීමට යොදා ගත් ආයුධ සන්නද්ධ විප්ලවීය උත්සාහයන්ට සාධාරණීය කරුණු තිබූ නිසා, එම අතීතයෙන් බැහැර වී වත්මන් භාවිතය සැලකිල්ලට ගනිමු. ඔවුන් සමග එක්ව දේශපාලන කර, කෙනෙක් ඉවත් උනොත්, එම ඉවත්වෙන කෙනා ද්‍රෝහියෙක් වන අතර, ඉන් පසුඑම පුද්ගලයාට අදාල මලගමකටවත් නොයයි. තමා සහභාගි වූ මලගමකට හෝ මගුල්ගෙදරකට හෝ වෙනත් උත්සවයකට තමා සමඟ දේශපාලනය කර පසුව ඉවත්වූවන් සහභාගි උනොත්, ඉන් ඉවත්ව යෑමද ඔවුන්ගේ තවත් භාවිතයක් වේ. ඔවුන්ගේ නවතම භාවිතය වන්නේ, තමාගේ දේශපාලන පසමිතුරෙක් මිය ගිය විට, ඒ මියගිය කෙනාටත් අපහාස කිරීමයි. කෙනෙක් මියගිය විට, මියගිය කෙනා ගැන හා ඊටත් වැඩියෙන් ඔවුන්ගේ පවුලේ අය ගැන කණගාටුවක් ඇති නොවේ නම්, ඒ වෙනුවට මැරුණ කෙනාගේ පැටිකිරිය වමාරමින් මුහුණුපොතේ කෝචෝක් දමයි නම්, ඔවුන් අමනුස්සයන් ය. දැනට පවතින නාමික දැහැමි, ඒත් යථාර්ථයෙන් කුරිරු, කුහක සමාජ ක්‍රමය, අමනුස්සයන්ට වෙනස් කල හැකිද?
මේ විග්‍රහය කියවීමෙන් පසුව, මම කොතරම් උගත්ද, කොතරම් ධනවත්ද, කොතරම් සාර්ථකද? කොතරම් පරිනතද? යන්න හිතා, ඒ නිසා මම ගත්ත තීරණයක් කොහෙවත් එකෙක්ගෙ විග්‍රහයක් නිසා වෙනස් කරන්නෙ නැහැ යන මතයේ ඉන්නත් ඔබට පුලුවන්. ඒ වගේම ඔබ නොදුටු පැතිකඩක් ගැන අධ්‍යයනය කර තීරණයක් ගැනීමටත් ඔබට පුලුවන්.
- යෙනුක සිසිල්චන්ද්‍ර
තවත් පුවත් :
- " ඔයාලට ගොඩාක් ස්තූතියි , මාව හරියන්නේ නැත්නම් යවන්න " රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පළ කල සංවේදී අදහස්...
- මදුමධව සංවේදී කල සනත් කියූ රහස...
0 Comments