එළවළු මිල වැඩිවීමෙන් ජනතාව ගම වටේ එළවළුවලට හුරුවෙයි..

 

එළවළු මිල ඉහළයාමත් සමඟ බොහෝ ජනතාව ගම්බද එළවළු පරිභෝජනය කිරීම ඉහළගොස් ඇතිබව ආයූවේද වෛද්‍යවරුන් පවසයි.

කොස්,අළු කෙසෙල්,කොහිල,නුවර නිවිති,ටිබ් බොටු ඇතුළු ගම්බද එළවළු පරිභෝජනය කිරීමට පෙළඹී තිබේ.

වස විසෙන් තොර එවැනි එළවළු ආහාරයට ගැනීමෙන් ශරීරයේ නිරෝගී භාවයට මනා පිටුවහලක් වන බව ගාල්ල නාගොඩ සුවජීවනී ඖෂධාලයේ සර්වාංග රෝග වෛද්‍යාභිමාණී ආයූවේද වෛද්‍ය ආචාර්ය පී.කේ.ශාන්තිරත්න මහතා පැවසීය.

ගම්බද එළවළු ආහාරයට ගැනීමෙන් බෝවන හා බෝ නොවන රෝග රැසකට ගොදුරු වීමේ හැකියාව අවම වෙයි.

විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව වැළදෙන රෝග රැසකට ආරක්ෂා ලැබෙයි.

මෙම කාලයේ පාරිභෝගික ජනතාව මුකුනුවැන්න ,ගොටුකොළ ,ගෙද,සාරන ඇතුළු ග්‍රාමීය පලාවර්ග ද වැඩි වශයෙන් ආහාරයට ගැනීමට පෙළඹී තිබේ.

වර්තමානයේ පැතිර යන විවිධ රෝග රැසකට එවැනි පලාවර්ග ආහාරයට ගැනීම වඩාත් සුදුසු බව වෛද්‍ය ආචාර්ය පී.කේ.ශාන්තිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments