රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව තම පුද්ගලික විශ්වාසය බවත් ,ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ ජාතික අපේක්ෂකයා ලෙස බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය .ඔහු මේ බව ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ හා ගම්පහ පළාත් පාලන නියෝජිතයන්ගේ රැස්වීමක් අමතමිනි.
එහිදි තවදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයකු තෝරා නැති බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ,ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදිය යුතු බව තමා සියල්ලන්ටම කියා සිටින බවත් ,පක්ෂයක් ලෙස සංධානගතව ඔහුට සහාය දිය යුතු බවත් වැඩිදුරටත් පැවසීය .
මේ තත්ත්වය තුල බැසිල්ගේ අපේක්ෂක ධම්මික පෙරේරාගේ කල දසාව කුමක්ද යන්න පිළිබඳව බැසිල් ලංකාවට පැමිණි පසු විමසීමට පොහොට්ටුවේ බැසිල්ට පක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනා මග බලා සිටින බවද සැලය.


0 Comments