ජනපති රනිලුත් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ - නාමල් රාජපක්ෂ

ජනපති රනිලුත් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ

මීලග ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටින නිසා ඔහුගේ නම ද එම ලැයිස්තුවේ තිබෙන බවත්, තවත් නම් බොහොමයක් ම එම ලැයිස්තුවේ ඇති බවත් හෙතෙම කියා සිටියේය.


Post a Comment

0 Comments