විස්සයි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට.!

විස්සයි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට.!

 ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (18) දින පැවති විස්සයි විස්ස තරගය කඩුලු 09 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 01ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 82ක් රැස්කරගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 05ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 88ක් වාර්තා කරමින් තරගය ජයග්‍රහණය කළේය.

ඒ අනුව තරග 03කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Post a Comment

0 Comments