IMF කොන්දේසි වලට එරෙහි දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට ජනතා විමුක්ති පෙරමුණ මුල් විය යුතුයැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුනෙ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ සමග එවැනි සන්ධානයක් ගොඩනැගීමට උත්තර ලංකා සභාගය නියෝජනය කරන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්තුරුන් විරුද්ධ නැතැයි ද හෙතෙම කීවේය.
රටේ ජනතාව දුකට පත්වී ඇති බවත් එසේ දුකට පත්වීමට හේතුව IMF කොන්දේසි බවත් පැවසූ නානායක්කාර මහතා එය පරාජය කරනවා හැර වෙනත් කිසිම සේශපාලනයක් තිබිය නොහැකි යැයිද සඳහන් කළේය.
IMF වලට විරුද්ධ කඳවුරේ වැඩිම ජනතා ප්‍රසාදයක් ඇති පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවත් පැවසූ නානායක්කාර මහතා එම නිසා ජනතාවාදී දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට එම පක්ෂය මුල් විය යුතු යැයි ද සඳහන් කළේය.

0 Comments