පාර්ලිමේන්තුව විසුරුවා හරින්න .UNP යෙන් රනිල්ට බලපෑම් ..!



 වැට් බදු ඉහළ දැමීම , විදුලි බල මණ්ඩලය , ,රක්ෂණ ,දුම්රිය ,තැපැල් ,ටෙලිකොම් වැනි රාජ්‍ය දේපළ විදේශිකයන්ට විකිණීමට ගෙන ඇති තීරණයන්, හා බඩුමිළ අහස උසට වැඩිවීම හේතුවෙන්  ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් ඇති කිරීම නිසා ඇති වී තිබෙන මහජන විරෝධයත් සහ සජිත්  ජනාධිපතිවරණයේ දී වෙනම තරඟ කරන නිසාත් රනිල්ට මීළඟ ජනාධිපතිවරණයේ දී  ජයග්‍රහණය කිරීමට නොහැකි බව විශේෂයෙන් UNP යේ රුවන් විජේවර්ධන ඇතුළු කංඩායමේ මතය වී තිබේ.එනිසා ජනාධිපති බලයේ සිටියදී පාර්ලිමේන්තු ව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වුවහොත් UNP යටද යම් මන්ත්‍රීවරු ප්‍රමාණයක් ලබාගත හැකි බව ඔවුන්ගේ  මතය වී ති⁣බේ.  

 එසේම ජනාධිපතිවරයකු වශයෙන් සිටියදී ජනාධිපතිවරණයකට ඉදිරිපත්වී ලබන අඩුම ඡන්ද ප්‍රතිශතය ලබාගත්  දේශපාලන නායකයා බවට ඉතිහාසයේ පෙළපොත් වලට රනිල්ගේ නම ඇතුලත්වීමටද ඉඩ ඇති බැවින් ,කළින් මහ මැතිවරණයකට යන ලෙස ඔවුන් රනිල්ට බල කරන බවද පැවසේ.එසේම ජනවාරි 9න් පටන් ගන්නා පාර්ලිමේන්තු කාලය තුල පොහොට්ටුවේ මන්ත්‍රීවරු ලව්වා අත් ඔසවා සම්මත කරගත යුතු හදිසි පනත් කීපය සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන ලෙස ද ඔවුන් රනිල්ගෙන් ඉල්ලා ඇතැයි සැලය.

Post a Comment

0 Comments