මාලිමාව ගණිකා වෘත්තිය නීතිගත කරන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි..(VIDEO)

 

මාලිමාව ගණිකා වෘත්තිය නීතිගත කරන බව නිල වශයෙන් ප්‍රකාශ කරයි

ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් එම පක්‍ෂයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ මහත්මිය පවසනනේ, වර්තමානයේ පවතින සමාජය තුළ ගණිකාවන් නිර්මාණය කරමින් ඇති බවයි.

කාන්තාවන් සහ දරුවන් මේ වන විට සමාජය තුළ බරපතල අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බව පෙන්වා දී ඇති සමන්මලී ගුණසිංහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ජාතික ජනබලවේගය සතුව ඇති බවද ප්‍රකාශ කර සිටිනවා.

මෙහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ, ලිංගික ශ්‍රමිකයින් ද බරපතල අනාරක්ෂිත තත්වයකට මුහුණ පා ඇති බැවින් ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ ගණිකා වෘත්තීය නීතිගත කරමින් ඔවුන්ට අවශ්‍ය රැකවරණය සහ ආරක්ෂාව සලසා දීමට පියවර ගන්නා බවයි.

මීට අදාල වීඩියෝව පහතින් නරඹන්න,

Post a Comment

0 Comments