රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැරීමෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරතවීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
සැකකාර චීවරධාරියා මීට පෙරද අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අතර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මොහු සම්බන්ධයෙන් දෙවන වරටත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර විශ්ව බුද්ධ හෙවත් රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා පසු ගියදා යූටියුබ් නාලිකාවකට පැමිණ ආන්දෝලනාත්මක අදහස් දැක්වීමක් සිදු කළා.
එම ආන්දෝලනාත්මක වීඩියෝව පහතින්,
තවත් පුවත් :
0 Comments