සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර තරගය නැරඹීම සඳහා මුදල් ගෙවා පැමිණි බව පැවසූ ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් පිරිසක් තරගය අතරතුරදී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයෙන් පිටතට ගමන්කිරීමට උත්සාහ කිරීමේ දී ඒ සඳහා එහි සිටි ආරක්ෂකයින් අවසර ලබානොදී තිබෙන බව වාර්තා වේ.
ඒත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වය ඇති වී ඇති අතර, එම සිද්ධියට මුහුණ දුන් ක්‍රීඩා ලෝලීන් කියා සිටියේ තමන්ට අවශ්‍ය ආහාර ලබාගැනීම සඳහා ATM යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට ක්‍රීඩාංගණයෙන් පිටතට යාමට ආරක්ෂකයින් ඉඩ ලබානොදුන් බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා නිසි ක්‍රමවේදයක් නොතිබීම හේතුවෙන් තමන් මහත් අපහසුතාවයට පත්ව සිටින බවත්ය.
වීඩියෝ දර්ශන - Ada Derana


0 Comments