නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු ඇතුළු විදේශිකයන් 186 දෙනෙකු පිටුවහල් කිරීමට මාලදිවයින රජය තීරණය කර තිබෙනවා.
වීසා උල්ලංඝනය කිරීම් සහ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පිරිසක් මෙලෙස එරටින් පිටුවහල් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් අදාළ විදේශිකයන් පිරිස පිටුවහල් කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
තවත් පුවත් :
0 Comments